15 February 2026

logo

තාවකාලිකව නවතා තිබූ පුත්තලම දුම්රිය මාර්ගය විවෘත වෙයි



පසුගිය වසරේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු තාවකාලිකව නවතා තිබූ පුත්තලම මාර්ගයේ මගී දුම්රිය ධාවනය හෙට (16) සිට නැවත පුත්තලම දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කරන බවයි.
 
මීට පෙර අදියර කිහිපයක් යටතේ මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය සහ කුඩා වැව යන දුම්රිය ස්ථාන දක්වා එම මාර්ගය විවෘත කර තිබුණා. 

(colombotimes.lk)