ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය, වෘත්තීය විශිෂ්ටත්වය සහ දියුණුව සඳහා වන කැපවීම නැවත තහවුරු කරමින් මහජන බැංකුව 2026 APB වාර්ෂික සමුළුව සඳහා ප්ලැටිනම් ව්‍යාපාරික හවුල්කරුවෙක් ලෙස හවුල් වී තිබෙනවා.
මෙම හවුල්කාරීත්වය සංකේතාත්මකව මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා විසින් APB සභාපති ඇන්ටන් ආරුමුගම් වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට සම්මේලන සභාපති සහ APB ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩිල්ෂාන් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ණය) තුෂාරි හේවාවසම් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සිල්ලර බැංකුකරණය සහ විදේශීය පාරිභෝගික සේවා) අරුණි ලියනගුණවර්ධන සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)
