15 February 2026

logo

විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්



විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් එළඹෙන 20වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

විපක්ෂය විසින් ගෙනඑන මෙම යෝජනාව එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතයි. 

ගල්අඟුරු ආනයනයේදී දූෂණ සහ අක්‍රමිකතා සිදුවී ඇති බවට දේශපාලන වේදිකාවේ කතාබහක් සිදු වන පසුබිමක මෙම විවාදය පැවැත්වෙනවා. 

(colombotimes.lk)