2026 පෙබරවාරි මාසය ආරම්භයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඒ බව ආසියාවේ රජ්‍ය සහ පෞද්ගලික අංශය සම්බන්ධයෙන් උපායමාර්ගික විශ්ලේෂණය සහ උපදෙස් සපයන ස්වාධීන ආයතනයක් වන Verité Research ආයතනය විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.
එම ආයතනය විසින් පවත්වන ගැලප් (Gallup) මාදිලියේ 'රට හිතන හැටි' යන නවතම මත විමසුම් පර්යේෂණයට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.
එම ආයතනය සඳහන් කළේ වසර 04ක මත විමසුම් ඉතිහාසය තුළ රට ගැන ජනතාවගේ තෘප්තිය 50% මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි. 

(colombotimes.lk)
