15 February 2026

logo

නවසීලන්තයට එරෙහිව අප්‍රිකාවේ අපරාජිත වාර්තාව



මෙවර ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

T20 ලෝක කුසලාන ඉතිහාසය තුළදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව නවසීලන්තයට එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබෙනවා.

දෙරට අතර ලෝක කුසලාන තරගාවලිවලදී පවත්වා තිබෙන තරග සංඛ්‍යාව 05ක්.

කෙසේ වෙතත් එම සියලුම තරග ජයග්‍රහණය කිරීමට සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

ඒ අනුව ඊයේ තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ නවසීලන්තයට එරෙහිව T20 ලෝක කුසලානය තුළ දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව තවදුරටත් සුරක්ෂිත වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)