2026 පෙබරවාරි මස 17වනදා සිට පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශවයන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk වෙත පිවිස එම තොරතුරු තහවුරු කිරීමේ ලිපි බාගත කිරීමට හැකියාව පවතින බවයි.
ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
