2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රුපියල් 3000.00ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව එම තිලිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම තිළිණපත්වල වලංගු කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
(colombotimes.lk)
