23 August 2025

logo

නව දූත මණ්ඩල ප්‍රධානීන් 07ක් ජනපති හමුවෙයි



නව දූත මණ්ඩල ප්‍රධානීන් 07දෙනෙක් අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. 

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.  

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයෙක් සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා. 

අභිනවයෙන් පත් කළ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් පහතින්,

01. ඉන්දුනීසියාවේ තානාපති - එස්.එස්.ප්‍රේමවර්ධන මහත්මිය

02. බ්‍රසීලයේ තානාපති -  සී. ඒ. සී. අයි. කොලොන්න මහත්මිය

03. මාලදිවයිනේ මහකොමසාරිස් - එම්.ආර්.හසන් මහතා

04. තුර්කියේ තානාපති -  එල්. ආර්. එම්. එන්. පී. ජී. පී. බී. කදුරුගමුව මහතා

05. නේපාලයේ තානාපති - රුවන්ති දෙල්පිටිය මහත්මිය

06. දකුණු කොරියාවේ තානාපති - එම්. කේ. පත්මනාදන් මහතා

07. ඕමානයේ තානාපති - ඩබ්ලිව්. ඒ. කේ. එස්. ද අල්විස් මහතා 


May be an image of 10 people, wedding and dais



(colombotimes.lk)