YouTube කරුවෙක් විසින් හිටපු ජනාධිපතිවරයෙක්ගේ අත්අඩංගුවට ගැනීම සිදුවීමටත් පෙර පුරෝකථනය කිරීම අහඹුවක් විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඒ ඔහුගේ X ගිණුමේ සටහනක් තබමින්.
එය සැලසුම්සහගත සිදුවීමක් විය හැකිද යන්න ගැටලුව පවතින බව එම සටහනේ සඳහන් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ එය සත්‍යයක් නම් නීතිය සහ සාමය වැනි උතුම් දෙයක් ලාභදායි නාට්‍ය සංදර්ශනයක් බවට පත්වීම කනගාටුදායක බවයි.
එම සටහන පහතින්,
(colombotimes.lk)