කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කිරීමත් සමඟ අධිකරණ පරිශ්‍රයෙන් පිටත රැස් වී සිටින පාක්ෂිකයන් විරෝධතා දක්වන බවයි වාර්තා වන්නේ.
මේ වන විට එම ස්ථානයට පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා තිබෙනවා.
(colombotimes.lk)