23 August 2025

logo

හිටපු ජනපති රනිල් වැලිකඩ බන්ධනාගාරයට



රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා. 

හිටපු ජනාධිපතිවරයාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
 
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින්.

(colombotimes.lk)