2025.05.19 සිට 2025.05.25 දක්වා පැවැත් වූ 2022/2023 (2025) ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල අද (22) නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රතිඵල www.donets.lk හා www.result.exam.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස අයදුමිකරුවන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි.
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208 / 0112784537 යන දුරකථන අංකයන් සහ ක්ෂණික ඇමතුම් 1911 ඇමතීමෙන්ද ප්‍රතිඵල සම්බන්ධව විමසීම් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)