23 August 2025

logo

රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්



අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26වනදා දක්වා රක්ෂිත   බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින්.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තිවේ නිලධාරීන් විසින් රනි වික්‍රමසිංහව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු එම සංචාරය 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දස දෙනෙක් මෙම සංචාරයට සහභාගී වී තිබෙනවා. 

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගැනුණා.
 
මෙරට ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ මෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ

(colombotimes.lk)