යතුරුපැදියක් කණුවක ගැටීමෙන් ඊයේ (17) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ වාන්ඇල, කන්තලේ මාර්ගයේ පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේදීයි.
එම අනතුරින් යතුරුපැදිකරු සහ එහි පිටුපස ගමන් ගත් තරුණයන් දෙදෙනා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 26ක් වන වාන්ඇල, කන්තලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
(colombotimes.lk)
