18 February 2026

logo

නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි - පැතුම්ට හිමි වූ ස්ථානය මෙන්න



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

ඒ පසුගියදා ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව පැතුම් නිස්සංක නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 03වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට පෙර ඔවුන් රැඳී සිටියේ 06වන ස්ථානයේයි.

කෙසේ වෙතත් මෙහි 12වන ස්ථානයේ සිටි කුසල් මෙන්ඩිස් 13වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.


(colombotimes.lk)