18 February 2026

logo

බාබර් අසාම් T20 ලෝක කුසලාන ඉතිහාසයේ අමිහිරි වාර්තාවක් ලියයි



T20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 500කට වඩා ලබාගෙන ඇති පිතිකරුවන් අතරින් අඩුම ලකුණු වේගයක් පවත්වාගත් ක්‍රීඩකයා බවට බාබර් අසාම් වාර්තා අතරට එක්වී තිබෙනවා.

බාබර අසාම් T20 ලෝක කුසලාන තරග 20කදී රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 615ක්.

කෙසේ වෙතත් මෙහිදී ඔහු 111.81ක ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් මෙම අමිහිරි වාර්තාවේ පෙරමුණ ඔහුට හිමි වී තිබෙනවා.

එමෙන්ම දෙවන ස්ථානය මොහොමඩ් හෆීස් හිමි කරගෙන තිබෙනවා.

මෙම අමිහිරි වාර්තාව තුන්වන ස්ථානය හිමි වී තිබෙන්නේ කුමාර් සංගක්කාර හටයි.

ඒ ඔහු 112.22ක ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන්.

(COLOMBOTIMES.LK)