18 February 2026

logo

අග්‍රාමාත්‍යවරිය IMF ප්‍රධානී හමුවෙයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) පවත්වා තිබෙනවා. 

ඒ කොළඹ අරලියගහ මන්දිරයේදීයි. 

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. 

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ස්වභාවික විපත්වලින් සිදු වූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බවයි. 

(colombotimes.lk)