සුදුසු පරික්ෂාවකින් තොරව කන්ටේනර් 323 මුදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අමාත්‍ය උපාලි පන්නිලගේ පත්කර තිබෙනවා.
කථානායකවරයා අද (18) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවේ ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාර මෙම පත් කිරීම සිදු කළ බවයි.
කන්ටේනර් 323 මුදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වූ අමාත්‍ය අනුර කරුණාතිලක වෙනුවට මෙලෙස අමාත්‍ය උපාලි පන්නිලගේ පත් කර තිබෙනවා.
(colombotimes.lk)
