'දිට්වා' සුළි කුණාටුව සමඟ ඇති වූ අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයාමේ අවදානමට ලක් වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පාසල් පරිශ්‍රයන්හී නායයෑම් පිළිබඳ අවදානම් පරීක්ෂණක් විශ්ව විද්‍යාලවල සහාය ඇතිව සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත පාසල් පරිශ්‍රයන්වල තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීම මේ දිනවල සිදු කරමින් පවතිනවා.
මෙම පරීක්ෂණ පසුගිය 9වනදා ආරම්භ කර ඇති අතර ඒ සඳහා පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල ප්‍රවීණයන් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම් 15ක් මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
