16 December 2025

logo

ගර්භණී කාන්තාවන්ට අද සිට පෝෂණ දීමනාවක්



පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. 

සංකේතාත්මකව පෝෂණ දීමනාව ලබාදීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30ට වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි. 

2025 නොවැම්බර් මස 30වනදා තෙක් මාතෘ සායනයන්හී ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක්වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)