23 November 2025

logo

අයහපත් කාලගුණයෙන් 09දෙනෙක්ට දිවි අහිමි වෙයි



අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට සිදුවී ඇති මරණ ගණන 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින අයහපත් කාළගුණයත් සමඟ නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මාර්ග තව දුරටත් අවහිර වී ඇති අතර නාය යෑමට ලක්වූ කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව - ගනේතැන්න ප්‍රදේශයේ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වින විට ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මාතලේ - වටගොඩ මාර්ගයේ ගල්වල අසල ප්‍රදේශයට ගල් පෙරලීමෙන් එම මාර්ගයද අවහිර වී ඇති අතර බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් මාර්ග සහ අතුරු මාර්ග තව දුරටත් අවහිරවී ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)