23 November 2025

logo

ඉදිරි පැය 48 තුළ ප්‍රදේශ කිහිපකට ගංවතුර අවදානමක්



ඉදිරි පැය 48 තුළ ප්‍රදේශ කිහිපකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රදේශවලට එම අවදානම පවතින බවයි.

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම්වලට මේ තත්ත්වය පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)