03 January 2026

logo

මෙවර උසස්පෙළ විශිෂ්ඨයින්ගේ තොරතුරු මෙන්න



මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ මනෙත් බනුල පෙරේරා සිසුවායි. 

ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානයට පත්වීමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ ශිෂ්‍යාව සමත් ව තිබෙනවා. 
 
එමෙන්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුවිනි අහිංසා වික්‍රමරත්න සිසුවිය ජෛව තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබුණා. 
 
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය සිසුවා විසින්. 
 
වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා ශිෂ්‍යාවයි.
(colombotimes.lk)