2026 වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ විදුලිබල මණ්ඩලය විසින් 11.57%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් එමඟින් යෝජනා කර ඇති බවයි.
2026 වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන මාස 03ට අදාළව මෙම ගාස්තු සංශෝධනය යෝජනා කර තිබෙනවා.
එම කාලය තුළ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 13,094ක් ලෙස ඔවුන් විසින් ඉදිරි පත් කර ඇති යෝජනාවලියේ සටහන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.
(colombotimes.lk)
