19 December 2025

logo

දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම්



මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි. 

මෙම අනතුරු ඇඟවීම් නිවේදනය හෙට පෙ.ව 8.00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. 

(colombotimes.lk)