මෙරට කඩොලාන පරිසර පද්ධති 8ක් රක්ෂිත ලෙස නම් කිරීම අද (26) සිදු කර තිබෙනවා.
ඒ අන්තර් ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීවයි.
'කඩොලානට දලුලන්න ඉඩ දෙන්න' මෙවර එහි තේමාව වී තිබෙනවා.
මේ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර් 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පුත්තලම - පාලවියේදී කඩොලාන පරිසර පද්ධති දිනයට සමගාමීව උත්සවයක් ද පවත්වා තිබෙනවා.
(colombotimes.lk)