ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා සහ සිවිල් පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අගෝස්තු 01වනදා දක්වායි.
සැකකරුවන් අද (26) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය මෙම නියෝගය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)