26 July 2025

logo

මහජන බැංකුවේ T20 ලීග් ක්‍රිකට් තරගාවලිය අති සාර්ථක අන්දමින්



මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි අභියෝගතා කුසලතා T20 ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ මඩකලපුව, කොඩ්ඩිමුනේ ක්‍රීඩා ගම්මානයේදීයි.

එහි ශුරතාවය දිනාගැනීමට KGP Fighterකණ්ඩායම සමත් වී තිබෙනවා.

එමෙන්ම අනුශුරතාවය PB Gladiators කණ්ඩායම විසින් හිමිකර ගැනීමට සමත් වුණා. 

මෙම තරඟාවලියේ තෙවන ස්ථානය Colombo Challengers කණ්ඩායම සහ සිව්වන ස්ථානය Dumbara Strikers කණ්ඩායම දිනාගෙන තිබෙනවා. 

එමෙන්ම දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානය PB Gladiatorsහී එරංග කුමාරට හිමි වූ අතර දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය PB Gladiatorsහී මිලාන් කෞශල්‍යයට හිමිවුණා. 

මෙහි අවසන් මහා තරගය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. 





(colombotimes.lk)