ව්‍යාජ බවට සැක කෙරෙන යුවාන් 100ක මුදල් නෝට්ටු 4000ක් සමඟ වීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදීයි.
පොලිස් විශේෂ කාර්ය බලකා කහවත්ත කඳවුරේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
මේ අතර රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදීම ව්‍යාජ ලෙස සකස් කරන ලද මැණික් ගල් කිලෝ 06යි ග්‍රෑම් 32ක් සමඟ තවත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)