26 July 2025

logo

මාළුමිරිස් ගොවීන් දැඩි අසීරුතාවයක



අනුරාධපුර - මහවිලච්චිය ප්‍රදේශයේ මාළුමිරිස් ගොවීන් දැඩි අසීරුතාවයට පත්වී තිබෙනවා. 

ඒ මාළුමිරිස් අස්වැන්න නෙලීම මේ වන විට ආරම්භ කර තිබුණ ද නිසි මිලක් නොලැබීම හේතුවෙන්.

අධික පිරිවැයක් වැයකරමින් වගාවන් සිදු කළ ද ව්‍යාපාරිකයන් විසින් රුපියල් 200කටත් වඩා අඩු මිලට මිලදී ගන්නා මාළුමිරිස් කිලෝවක් ඉතා අධික මිලකට අලෙවි කරමින් සිටින බව ඔවුන් පවසනවා. 

එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අතරමැදි ව්‍යාපාරික මාෆියාව නතර කර සිය අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට මැදිහත්වන ලෙසයි. 

(colombotimes.lk)