බෝනික්කෙක් තුළ සඟවා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සීදුව ප්‍රදේශයේදීයි.
කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය සිය දරුවා යොදාගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය විසින් ප්‍රදේශයේ බෝඩිං කාමර පරීක්ෂාවට ලක්කිරීමේදී එහි එක් කාමරයක දරුවෙක් සමඟ සිටි කාන්තාවක් සැක සහිත ලෙස බෝනික්කෙක් රැගෙන ඉන් පිටතට පැමිණ තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම සැකය මත බෝනික්කා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා විද්‍යුත් තරාදියක් සොයාගැනීමට පොලීසියට හැකි වූ බවයි.
එමෙන්ම කාන්තාවගේ ශරීරයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
(colombotimes.lk)