23 November 2025

logo

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි



ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැඟින් සහ දොරටු 4ක් අඩි 4 බැඟින් විවෘත කර ඇති බවයි.

ඒ අනුව එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැඟින් දැදුරුඔයට නිකුත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තබ්බෝව ජලාශයේද වාන් දොරටු 4ක් අඟල් 3 බැඟින් විවෘත කර ඇති අතර වාන් දොරටු 4ක් අඟල් 2 බැඟින් විවෘත කර තිබෙනවා.

ඒ අනුව ඉන් තත්පරයට ඝන අඩි 3,720 බැඟින් මී ඔයට ජලය මුදා හරින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)