03 January 2026

logo

|PHOTOS| දින 6ක් මඩේ ගිලී සිටි අලි පැටවෙකු බේරා ගනී



මඩ වළක එරී දින කීපයක්ම සිටි වන අලි පැටවෙකුව වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් අද (04) මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන තිබෙනවා.

බීමට ජලය සොයා ගිය වන අලි පැටවෙකු වවුනියාව මාමඩුව වැව අද්දරදී මෙම සිදුවීමට මුහුණදුන් බවයි වාර්තා වන්නේ.

අවුරුද්දකටත් වඩා අඩු වයස මෙම වන අලි පැටවා වන අලි රංචුවක් සමඟ දිය බීමට මාමඩුව වැව දෙසට යමින් සිටියදී වැව අද්දර වූ මඩ වළක එරී තිබෙනවා.

සෙසු වන අලි මෙම පැටවා බේරා ගෙන ආපසු යාමට උත්සහ කළත් එය අසීරු වූ තැන වන අලි රංචුව කෑ මොර දෙමින් වනය අද්දර රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම ගමේ ගැමියෙකුට මඩේ එරී සිටි වන අලි පැටවා දැක ගැනීමට ලැබී ඇත්තේ දින හයකට පමණ පසුවයි.

ඔහු ඒ පිළිබදව මාමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය වනජීවී නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්.
(Colombotimes.lk)

elephant baby