15 February 2026

logo

නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනියි



කන්තලේ, රජඇළ, යුනිට් 05හී නිවසක නවතා තිබූ මෝටර් රථයක් අද (15) අලුයම හදිසියේ ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මෝටර් රථය ගිනි ගන්නා බව දුටු පවුලේ අය සහ අසල්වැසියන් වහාම රැස්වී ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, ගින්න වේගයෙන් පැතිර ගොස් මෝටර් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදු වූ බවයි. 

එලෙස හටගත් ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කන්තලේ පොලීසිය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)