මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුළන් අලෙවි කිරීමේ ජාවාරකම නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ආණමඩුව ප්‍රදේශයේදීයි.
එහිදී ඔවුන් සතුව තිබූ මස් කිලෝ 75ක් පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක භාරයට ගෙන තිබෙනවා.
මෙම සතුන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බවට පවසමින් ඔවුන් රැගෙන ගොස් තිබෙන නමුත් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)
