පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලුණුගල, බුළුගොල්ල ප්‍රදේශයේදීයි.
ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත බුළුගොල්ල ප්‍රදේශයේ කුඹුකන් ඔය රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සමඟ කැණීම් උපකරණ කිහිපයක් ද සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු49 ත් 61ත් අතර වයස්වල පසුවන ලුණුගල, ඇඹිලිපිටිය, පිළියන්දල, තණමල්විල, මිල්ලබැද්ද සහ හොප්ටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
(colombotimes.lk)
