06 February 2026

logo

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්



දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)