06 February 2026

logo

දිස්ත්‍රික්ක 04ක කාලගුණයේ වෙනසක්



ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු  සහ උතුරු-මැද,  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

(colombotimes.lk)