12 February 2026

logo

ගත වූ කාලයේ දිය රකුසාට බිළි වූ ජීවිත ගණන හෙළි කරයි



මෙම වසරේ ගත වූ කාලය තුළ දිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 24දෙනෙක් මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ මේ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා එම අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජීවිතාරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
 
කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළා. 

(colombotimes.lk)