IMF නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානි Evan Papageorgiou පවසනවා.
ඒ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 05වන සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහායි.
දිට්වා සුළි කුණාටුවෙන් පසුවද IMF වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කළේ අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවයි.
(colombotimes.lk)
