ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙක් වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා සහ නාමල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (28) පවත්වා තිබෙනවා.
ඒ බැංගලෝර්හී පිහිටි මහ ඇමති නිල නිවසේදීයි.
එහිදී මහා අමාත්‍ය සිද්ධරාමයියා සහ නාමල් රාජපක්ෂ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
එමෙන්ම කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
