29 January 2026

logo

2025 සමස්ත ඇඟලුම් අපනයන ආදායම සුළු වශයෙන් ඉහළට



2025 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයේදී අපනයන ආදායම 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා ඩොලර් මිලියන 23.03කින් වැඩි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයෙන් ලැබුණු ඉල්ලුමේ වැඩිවීමත් සමඟ මෙලෙස අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා.

2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසය තුළ ඇමරිකාවට සිදු කළ අපනයන 6.49%කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ඩොලර් මිලියන 178.29ක් බව ඇඟලුම් සංගම් සංසදය පවසනවා.    

(colombotimes.lk)