මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදු කරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව පැමිණිල්ල යළි ජූලි මස 30වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම්දෙන ලෙස ද නියම කර තිබෙනවා.
(colombotimes.lk)
