න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව ගිවිසුම්ගත වීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පවසා තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඇමරිකානු යුධ නෞකාවක් ඉරානය දෙසට වේගයෙන් ගමන් කරන බවයි.
අන්‍යෝන්‍ය ගෞරවය සහ අවශ්‍යතා මත පදනම් වූ සංවාදයකට තමන් සූදානම් අතර බලපෑම් කළහොත් ආරක්ෂාව සඳහා පෙර නොවූ විරූ ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)
