04 July 2025

logo

ජනපතිගේ කැඳවුමකට පොහොට්ටුවේ පිරිසක් සහභාගී නොවෙයි



ඊයේ (12) පස්වරුවේ ජනාධිපතිවරයා කැඳවා තිබූ සාකච්ඡාවට පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගී නොවීමට තීරණය කර තිබුණා.

පොදුජන පෙරමුණ පවසන්නේ, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇති අතර මීට පෙර පැවති සාකච්ඡාවලදී දිස්ත්‍රික් නායකයින් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකර ඇති බවයි.

කෙසේ වෙතත් නැවතත් ජනාධිපති කාර්යාලය හරහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් රැස්වීමකට කැඳවා තිබුණා.

ඒ අනුව පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, දිස්ත්‍රික් නායකයින් රැස්වීමකට කැඳවීම අනුමත කළ නොහැකි බවයි.

එවැනි සාකච්ඡාවක් සඳහා කැඳවන්නේ නම් පක්ෂය ලෙස දැනුවත් කර එය සිදුකළ යුතු බව ද ඔවුන් සඳහන් කළා.

ඊයේ පස්වරු 6 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භව තිබූ අතර පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලයේ රැදී සිටි මැති ඇමතිවරුන් පිරිසක් පසුව ඉන් පිටව ගොස් තිබුණා.
(colombotimes.lk)