මීරිගම පොලිස් වසමේ මුගුරුගම්පොළ අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැර හෙට (31) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් එම මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
ඒ අනුව හෙට (31) රාත්‍රී 10.30 සිට අනිද්දා අලුයම 1.00 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම පෙරහැර අවසන් වන තෙක් පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
(colombotimes.lk)
