30 January 2026

logo

පොලිස් නිලධාරීන් 32,000කගේ හිඟයක්



ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වන විට රාජකාරී සිදු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළා. 

ඒ පොලිස් අපරාධ කොට්ඨාසයට අනුයුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් සහ වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්. 

මෙම වසරේදී නිලධාරීන් 2500ක් විශ්‍රාමයාමට නියමිත බව එහිදී පොලිස්පතිවරයා සඳහන් කළා. 

ඔහු කියා සිටියේ තවත් නිලධාරීන් 2700ක පිරිසක් එළඹෙන වසරේදී විශ්‍රාමයාමට නියමිත බවයි. 

ඒ අනුව ඉදිරියේදී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)