2026 වසරේ ජනවාරි මාසය සඳහා වන මෙරට උද්ධමනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2026 ජනවාරි මාසයේදී 2.3%ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එය 2025 දෙසැම්බර් මාසයේදී සටහන් වුණේ 2.1%ක් ලෙසයි.
ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 3%ක් වූ අතර ආහාර නොවන උද්ධමනය 2026 ජනවාරි මාසයේදී 1.8%ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)
