කුඹුරු ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අඹු සැමි යුවලක් මියගොස් තිබෙනවා.
ඒ වරකාපොල හුණුවල ප්‍රදේශයේදීයි.
වයස අවුරුදු 60 සහ 58 හැවිරිදි වියේ පසුවන තුල්හිරිය, හුණුවල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් මෙලෙස මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනවසර විදුලි රැහැන අදින ලද 34 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
