අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඉන් පසුව විමල් විරවංශ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
